Chathura Samarajeewa
blog-post-1

SpaceX මිනිසුන් සහිත යානයක් යවයි.

අද, ඒ කියන්නේ ලංකාවේ වේලාවෙන් නම් 2020 මැයි 28 වෙනිදා පාන්දර 2 ට විතර, ඉතිහාස ගතවෙන දවසක් කියල කට්ටිය දන්නවද ? මනුෂ්‍ය වර්ගයාට වැදගත් වෙන දෙයක් තමයි අද වෙන්නේ. Astronomy , NASA, SpaceX වගේ මාතෘකා පස්සේ හඹාගෙන යන කෙනෙක් නම් මේ වෙනකොට දන්නවා වැඩේ. SpaceX, NASA ආයතන තමයි වැඩේ කරන්න යන්නේ. කට්ටිය දන්නවනේ SpaceX ලා නියමුවන් රහිතව එයාලගේ රොකට් උඩ යවල ආය කිසිම අලාභ හානියක් නැතුව පෘතුවියට ගෙන්න ගත්තා. ඉතින් ඒ වුනාට මේක මාරම risk එකක් තියෙන වැඩක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ. අනික දැන් කියන විදියට අඟහරු වලටත් මිනිස්සු යවන්න නේ හදන්නේ SpaceX ලා. ඉතින් එයාල අද Falcon 9 rocket එකෙන් Crew Dragon capsule කියන යානය උඩ යවනවා. කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමයි launching එක වෙන්නේ. පට්ටම සිද්දිය නම්, මේකේ මිනිස්සු දෙන්නෙක් යවනවා. 2011 න් පස්සේ USA වල හදපු rocket එකකින් මිනිස්සු දෙන්නෙක් ISS එකට යවන්නේ අද. මට නම් ඒක නෙවෙයි ලොකුම සිද්දිය. මට දැනෙන්නේ අනාගතේ අගහරු වලට මිනිස්සු යවන්න ඉන්න SpaceX ආයතනයේ rocket එකක් එයාලගේ පලවෙනි මිනිසුන් සහිත test launch එක කරන්න හදනවා වගේ වැඩක්. අන්න එකයි මේක මානව ඉතිහාසයේ අභ්‍යවකාශ ගමන් වල සන්ධිස්ථානයක් වෙන්නේ. මේකේ යන දෙන්නාම NASA astronauts දෙන්නෙක්. නම් වශයෙන් කියනවනම් Bob Behnken සහ Doug Hurley. ගූගල් පාරක් දාල බලන්න වැඩි විස්තර දෙන්නගේ. මේ දෙන්නා යන්නේ ISS (International Space Station) එකට. ISS එකට dock වෙන්නේ, ඒකියන්නේ ISS එකට සම්බන්ධ වෙන්නේ May 28, 11:29 a .m. EDT (2033 GMT) Thursday, May 28. ලංකාවේ වේලාවෙන් නම් 28 වෙනිදා, රැ 9 ට විතර. මාස 4 ක් විතර ඉන්නලු යන්නේ. කොරෝනා කාලේ නිසා මේ දෙන්නව දින 14ක් නිරෝධානය කරලා තිබ්බලු යවන්න කලින්. උඩ යන වෙලාව හරියටම කියනව නම් මන් මේක ලියනකොට තව පැය ගානක් තමයි තියෙන්නේ. May 27, 4:33 p.m. EDT (2033 GMT) ලංකාවේ වේලාවෙන් නම් 28 පාන්දර 2 ට වගේ. මන් නම් යුටියුබ් live open කරගෙන ඉන්නේ දැන් ඉදල. එයාල ගමනට ලෑස්ති වෙන හැටි බලන එකත් මාරයි. ඔයාල නාසා live බලනවනම් මෙන්න ලින්ක් එක https://youtu.be/Aymrnzianf0.

Leave a Comment